72වන ජාතික බැට්මින්ටන් ශූරතාවය දෙසැම්බර් පළවෙනිදා ආරම්භ වීමට නියමිතයි
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ කොළඹදී සිදුකෙරුණා..
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ උප ලේකම් ජාලිය ජයන්ත මහතා කියා සිටියේ මෙවර තරගාවලිය සඳහා ල්ලුම් පත් 1300 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවයි..
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ගෘහස්ථ ක්‍රීඩාපිටිය වෙළඳ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටිය ඔටස් ක්‍රීඩා සමාජයේ බැට්මින්ටන් ක්‍රීඩා පිටිය තරගාවලිය සඳහා යොදා ගැනෙනවා
අවුරුදු එකොළහෙන් පහළ සිට 19න් පහළ දක්වා වයස්කාන්ඩ පහක්, අවුරුදු තිහෙන් ඉහළ සිට අවුරුදු හැත්තෑවෙන් ඉහළ දක්වා අංශයේ තරග, සහ විවෘත තරග මෙම තරගාවලියට ඇතුළත්.
පසුගිය වසරේදී ජාතික බැඩ්මින්ටන් ශූරයා වූයේ බුවනෙක ගුණතිලකයි.
රනිත්මා ලියනගේ පසුගිය වසරේ ජාතික ශූරිය බවට පත්වුණා.
මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා මිලියන 2 කට ආසන්න මුදලක් ත්‍යාග මුදල් ලෙස ලබා දෙනවා.
තරගාවලිය සඳහා අනුග්‍රාහක චෙක්පත් ලබා දීමද මෙහිදී සිදු කළා