20-20 ලෝක කුසලාන අවසන් මහා සටන අද

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (29) රාත්‍රියේදී පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතරයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 08 ට ආරම්භ වන්නේ බාබඩෝස් හි කෙල්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීයි.

පන්දු වාර විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව මෙලෙස සුදුසුකම් ලබා ඇත්තේ වසර 10කට පසුව වීමද විශේෂත්වයක්.

ඒ පසුගිය වර ලෝක ශූරයින් වූ එංගලන්තය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් කරමින්.

ඉන්දියාව පන්දුවාර 20 ලෝක කුසලානයක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් තුන්වැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් පන්දුවාර 20 ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිසියේ 2014 වසරේදීයි.

එම තරගයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූවත්, 2007 වසරේ පැවති කුළුදුල් පන්දුවාර 20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

මේ අතර දකුණු අප්‍රිකාව පන්දු වාර විස්ස ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි. මීට පෙර අවස්ථා හතකදී අවසන් පූර්ව තරගයට ප්‍රවිශ්ඨ වූ ඔවුන් ඉන් පරාජයට පත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *