2012 වසරේ මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් 24ක් ඇප මත මුදාහරී

2012 වසරේ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයන්හිදී රුපියල් ලක්ෂ 52ක දේපළවලට අලාභහානි කළැයි රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවන් 24 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද (4) ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විත්තිකරුවන් 24 දෙනකු පෙර ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 43 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමට එකඟ වූ අතර ඒ අනුව මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධන නමැත්තාට රුපියල් 300,000ක වන්දියක් ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඒ අනුව මීළඟ නඩු දිනයේ එක් එක් විත්තිකරුවකු විසින් රුපියල් 7,000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළා.

ඊට අමතරව මෙම සිද්ධියේදී මැගසින් බන්ධනාගාරයට සිදුවූ රුපියල් ලක්ෂ 52 කට අධික හානිය වෙනුවෙන් එක් එක් විත්තිකරු රුපියල් 122,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් එම වන්දිමුදල දෙසැම්බර් මස 13 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවටත් විනිසුරුවරයා නියම කළා.

ඇප මත මුදා හරි ලැබූ විත්තිකරුවන් මීළඟ දින අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් එසේ පෙනී නොසිටින විත්තිකරුවන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විනිසුරු වරයා අනතුරු අඟවා සිටියා.

විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකුත් කර තිබෙන චෝදනා සංශෝධනය කර දණ්ඩ නිති සංග්‍රහයකදී චෝදනා පවත්වාගෙන යාමට පියවර ගන්නා බව රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා.

ඉන් අනතුරුව වරද පිළිගැනීමට අකමැති වූ විත්තිකරුවන් දෙදෙනාට සහ අධිකරණය මගහැර සිටින විත්තිකරුවන් දෙදෙනාට අදාළ නඩුව ඉදිරියටත් විභාග කිරීමට තීන්දු කළ අධිකරණය නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමටද දින නියම කළා.

What's your reaction?

Related Posts

1 of 362

Leave A Reply

Your email address will not be published. Required fields are marked *