2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගේ අත්සනින් යුක්ත්ව නිකුත්කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බවයි.

2024 අගෝස්තු මස 22 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුකූලවෙමින් නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම කොමිෂන් සභාව විසින් හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීමට කටයුතු කරනු ලබන බව ද අදාළ නිවේදනය මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර මීට පෙර තීරණය කළ පරිදි ඔක්තෝබර් මස 26 වනදින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි එම කොමිෂන් සභාව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *