2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

හිරු නිව්ස් කල විමසීමකදී ඔහු කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළ දින කිසිදු හේතුවක් නිසා දිර්ඝ නොකරන බවයි.

කෙසේ වෙතත් අද (08) දිනය පුරාම තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අප වෙත කියා සිටියා.

ඒ අනුව, අද දින තැපැල් ඡන්ද නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට ලැබිය යුතු අතර එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගනිම සඳහා හේතුවක් නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *