2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන ජයග්‍රහණය කරනවා

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන ජයග්‍රහණය කරන බවට අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටි 

 20 24 වර්ෂය සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන ජයග්‍රහණය කිරීමට හැකි දක්ස තරුණ කණ්ඩායමක් මෙවර ඉදිරිපත් කර සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් සමග ජන බලවේගයේ දිස්ත්‍රික් නායක රෝහණ බණ්ඩාර මහතා පවසා සිටි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වූ පරිදි ජනතා අභිලාෂයන් ඉටු කිරීමට මේ වන විටත් අපොහොසත් වී ඇති බව  ජනතාව මේ වන විටත් තේරුම් අරන් සිටින බව  කියා සිටියා.

මේ වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති  ලෙස  පත් වී ඇත්තේ  51/. බහුතර බලයක්  නොමැතිව බවත්  එම නිසා සමගි ජන බලවේගයට මේ රටේ ජනතාව විසින් බහුතර බලයක් ලබා දී මන්ත්‍රී ආසන 113 කට වඩා ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා .

එමෙන්ම අනුර කුමාර දිසානායක මහතා  මේ රටේ දූෂණය වංචාව හොරකම  පිටු දැකීම සඳහා කටයුතු කරන බවත් ප්‍රකාශ කළ සිටිය නමුත්  සමගි ජන බලවේගයද මේ රටේ වංචා දූෂණ හොරකම්වලට විරුද්ධව නැගී සිටින බලවේගයක් බවත්  ඉදිරි මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා අගමැති වීමෙන්  අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමග  මේ රටේ වංචා දූෂණ පිළිබඳව  හොරකම් වලට එරෙහිව කටයුතු කිරීමේ අවස්ථාව උදාවන බවත් කියා සිටියා 

එමෙන්ම මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයින්ට අපේක්ෂකයන්ට කිසිදු අත්දැකීමක් නැති පරිණත භාවයක් නොමැති පුද්ගලයින් බවත්  එම නිසා මේ වන විටත් රටේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමග ජල බලවේගයට පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී බලය ලබා දෙන බවට විශ්වාස කරන බවත් කියා සිටියා .

එමෙන්ම බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත්  අනෙකුත් පක්ෂ සමග එක්ව ශක්තිමත් ආණ්ඩුවක්ද පිහිටුවීමට කටයුතු කරන බවත්  ඒ මහතා කියා සිටියා .තවද රටේවත් මං දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් දක්වා සිටියා .ftp කලා අනුරාදපුර තම්සීර්.0714316960

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *