2024 වසර හැරවුම් ලක්ෂ්‍යයක්

රට බංකොළොත් කිරීමට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනැවිත් රටෙන් කොල්ල කෑ අරමුදල් නැවත ලබා ගෙන එය ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් හරහා ජනතා සුබ සිද්ධියට යොදා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පුත්තලම – ආණමඩුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කළේ 2024 වසර මෙරට හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරක් බවයි.

සක්වළ වැඩසටහනේ 150 වැනි අදියර යටතේ පුත්තලම ආණමඩුව කරුවලගස්වැව සාලිය ආදර්ශ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *