2025 යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය

තේමා පාඨය: ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දියුණුව සහ අවස්ථාවන් ප්‍රර්වර්ධනය කිරීමේ 15 වන අදියර සැමරීම

නොවැම්බර් 05, 2024: ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ විශාලතම බහු වෙළඳ ප්‍රදර්ශනය ලෙස සැළකෙන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය (JIFT) නැවතත් එහි 15 වන අදියර සමගින් 2025 ජනවාරි 24 සිට 26 දක්වා යාපනය මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියල්ල සූදානම්ය.

“Your Gateway to the North” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රමුඛ උත්සවය මගින් කලාපයේ පවතින ආර්ථික විභවයන් සහිත දියුණුවන කර්මාන්ත පිළිබඳ පරිපූර්ණ ලෙස ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සිටින ව්‍යවසායකයින්, ව්‍යාපාරික වෘත්තිකයන් සහ ප්‍රජා සාමාජිකයින් එකට එක්වනු ඇත.

සීමාසහිත ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා (පුද්ගලික) සමාගම විසින් යාල්පානම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (CCIY) සමඟ එක්ව සංවිධානය කරනු ලබන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය, 2002 වර්ෂයේ එහි ආරම්භයේ සිට සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර, කර්මාන්ත ප්‍රමුඛයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ නැගී එන ව්‍යවසායකයින් එකට එක්වන සුවිශේෂී මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

වර්තමානයේ එහි 15 වන අදියර වන විට, මෙම උත්සවය උතුරේ ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා ඇති ප්‍රමුඛතම වේදිකාව වශයෙන් හොඳින් ස්ථාපිත වී ඇති අතර, මෙමගින් කලාපය පුරා ජීවනෝපායන් වැඩි දියුණු කරන අතරම ප්‍රත්‍යක්ෂ ආර්ථික හා සමාජීය බලපෑම් ඇති කරයි.

මෙම උත්සවයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආසිම් මුක්තාර් මෙසේ ප්‍රකාශ කළේය: ” යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ 15 වන අදියර දියත් කිරීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටු වන්නෙමු. මෙමගින් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිටින පුද්ගලයන්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයින්ට දියුණු වීම සඳහා වේදිකාවක් සපයා ඇත. මෙම ප්‍රයත්නය හරහා, අපි ඉලක්ක කරන්නේ පළාත් අතර පවතින ආර්ථික විෂමතා අවම කරමින්, අන්තර්කරණය සහ නවීකරණය වූ ශ්‍රී ලංකාවකට මග පෑදීමටයි. “

ඉන්දියාව, කැනඩාව, ඉන්දුනීසියාව සහ ඉන් ඔබ්බට සිටින ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින්, ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සාර්ථක වී ඇත. ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින්, ජාලගත වීමේ පරතරය නැති කරමින්, සහයෝගීතාවයන්ට පහසුකම් සලසමින් පවත්වනු ලබන මෙම වර්ෂයේ උත්සවය මගින් රට පුරා තිබෙන සමූහ ව්‍යාපාර සහ සමාගම් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ව්‍යවසායකයින්ට ලබා දෙන්නේය.

යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2025 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන දින තුනක ක්‍රියාදාමයක් ලෙස සකසා ඇති අතර, එමගින් නව ගැනුම්කරුවන්, සහයෝගීතාවයන් සහ කර්මාන්ත පිළිබඳ අගනා දැනුම වෙත ප්‍රවේශ වීමේ සුවිශේෂී අවස්ථාවක් ලබා දෙන අතර, එමඟින් තනි පුද්ගල ව්‍යාපාර සහ පුළුල් යාපනය ප්‍රජාව ශක්තිමත් කරනු ඇත.

අනුග්‍රාහකයින් 20 දෙනෙකුගෙන් යුත් ආකර්ෂණීය පෙළ ගැස්මකින් සහ අපේක්ෂිත පැමිණෙන්නන්ගේ සහ ප්‍රදර්ශකයින්ගේ ඉහළ යාමත් සමගින්, මෙම වසරේ යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය පෙර වාර්තා බිඳ දැමීමට සූදානමින් සිටී.

ඇඩ් ඩ්රියන් සෝලාර් ග්‍රීන් පුද්ගලික සමාගම, ටෝකියෝ සිමෙන්ති (ලංකා) පුද්ගලික සමාගම සහ හවුස් ඔෆ් එස්ලෝන් ඇතුළු රන් අනුග්‍රාහකයින් සමඟින් ඩීසල් සහ මෝටර් ඉන් ජිනියරින්ග් පුද්ගලික සමාගම ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක්වී ඇත.

සිලෝන් බිස්කට් ලිමිටඩ් (මන්චි), සෝලා කෙමිකල් සමාගම, ෆයින් එන්ටප්‍රයිසස්, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්, මැක්සීස් ඇන්ඩ් කම්පැනි පුද්ගලික සමාගම, සන් මැව් සමාගම, රුහුණු ෆුඩ්ස් පුද්ගලික සමාගම, එල් එච් කොන්සොර්ටියම් පුද්ගලික සමාගම, ෆොරෙවර් ස්කින් නැචුරල්ස් පුද්ගලික සමාගම, එල්ලාවල හෝටි කල්චර් පුද්ගලික සමාගම, රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් ලිමිටඩ්, ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස්, ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් (සුපර් පීවීසී), ඩීන් බ්‍රර්දස් ඉම්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ෆෙරන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම සහ ටොයෝටා ලංකා පුද්ගලික සමාගම වැනි රිදී අනුග්‍රාහකයන්ගෙන් අමතර සහයෝගය ලැබේ.

100,000කට අධික නරඹන්නන් පිරිසක් මේ සඳහා අපේක්ෂා කරනු ලබන අතර, මෙම අදියර මෙතෙක් පැවති විශාලතම සහ වඩාත් විචිත්‍රවත් ප්‍රදර්ශනය බවට පත්වනු ඇත.

ඉදිකිරීම්, පාරිභෝගික නිෂ්පාදන, සංචාරක සහ සංචාරක කර්මාන්තය, ආහාර පාන, ඇසුරුම්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය, මෝටර් රථ, කෘෂි කර්මාන්තය, ඇඟලුම්, සත්කාරක සේවා, මූල්‍ය සේවා, සෞඛ්‍ය සේවා සහ තවත් බොහෝ කර්මාන්ත ඇතුළු විශාල පරාසයක කර්මාන්ත මෙහිදී නියෝජනය වනු ඇත.

හවුල් ව්‍යාපාර ඇති කර ගැනීමට සහ වෙළඳ හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන ආනයනකරුවන්, අපනයනකරුවන්, විවිධ මණ්ඩල සහ සංගම්වලට අයත් සාමාජිකයින් සහ කර්මාන්ත වෘත්තිකයන් සහභාගී වන මෙම සුවිශේෂී වෙළඳ ප්‍රදර්ශනයට පැමිණ අත් විඳින ලෙස මහජනතාවට ආරාධනා කරයි. සහතික කරන ආයතන, පර්යේෂණ ආයතන සහ මූල්‍ය සංවිධානද සහභාගී වනු ඇත.

යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2025 ළං වන විට, එය උතුරේ දියුණුව සඳහා වන හවුල් දැක්මෙහි, සහයෝගීතාවයෙහි සහ කැපවීමෙහි ඇති බලය පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. එහි 15 වන අදියර සමරන, යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2025 මගින් දීප්තිමත් අනාගතයක් හැඩ ගැස්වීම සඳහා කර්මාන්ත, වෙළඳ සහ ප්‍රජා සංවර්ධනය ආවරණය වන විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් ඇති කිරීමට පොරොන්දු වේ.

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *