2070 දී නැවත සූර්‍යග්‍රහනයක්

පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ 2070 වසරේ අප්‍රේල්11 වැනිදා එනම් මීට වර්ෂ 46කට පසු හෙටවන් දිනකයි.

එහිදී විනාඩි 3ක කාලයක් සූර්යයා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැසී යනු ඇති.

මෙම පූර්ණ සුර්යග්‍රහණය සම්බන්ධයෙන් වර්ෂ 1970 දී පුරෝකථනය කළ අමෙරිකාවේ SUNDAY JOURNAL පුවත්පත් වාර්තාවක් කෙරෙහිද විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

1970 මාර්තු 07 වැනිදා දිස්වූ පුර්ණ සුර්යග්‍රහණයේ ඡායාරූප පළකරමින් එම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වී තිබුණේ, මීළඟ පුර්ණ සුර්යග්‍රහණයේ අත්දැකීම 2024 වසරේදී විඳගැනීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවාසීන්ට මීට පෙර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට හැකිවූයේ 1955 ජූනි මස 20 වැනිදා වන අතර, එහිදී විනාඩි 7ක කාලයක් එම අපූරු අත්දැකීම විඳගැනීමට මෙරට වැසියන්ට හැකිවුණා.

එම අවස්ථාවේදී වද කහ සුදිය නම් ඖෂධයක් පානය කළ මෙරට විශාල පිරිසක් රෝගාතුර වීම අදටත් මෙරට ජන සමාජයට අමතක නොවූ සිදුවීමක්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *