22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම ජූලි 26 වැනිදායින් පසු

පසුගිය 18 වැනිදා ගැසටි මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට ඉදිරිපත් කළ හැකි වන්නේ ගැසට් කිරිමෙන් දින 7කට පසුව බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසනවා.

අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කළ හැකි ආසන්නතම දිනය ජූලි 26 වැනිදා බවයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121/1 වගන්තියට අනුව එය දින 07කට පසු පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා වූ ආසන්නතම දිනය වන්නේ එළැඹෙන 26 වැනි සිකුරාදා බවයි.

ඉන් අනතුරුව දින 14ක් තුළ ඕනෑම සිවිල් පුද්ගලයෙකුට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කළ හැකි අතර ඉන් සති තුනක කාලයක් තුළ එම විරෝධතා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට දැනුම් දිය යුතු බවද නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවා.

ඉන් පසු කථානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම සිදු කළ යුතුයි.

එහිදී අදාළ පනත් කෙටුම්පතේ සංශෝධනයක් සිදු කළ යුතුනම් එම සංශෝධන අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කොට න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනවා.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත සම්මත කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්විය හැකි වන්නේ ඉන් පසුවයි.

සාමාන්‍යයෙන් කතානායකවරයා අත්සන් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත නීතියක් බවට පත් කර හැකිවුවද මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් බැවින් එය 2/3 ක බහුතරයකින් සහ ජනමතවිචාරණයකින් සම්මත වුවහොත් ඉන් පසු එය නීතියක් බවට පත්වීමට නම් කථානායකවරයා මෙන්ම ජනාධිපතිවරයා විසින්ද ඊට අත්සන් තැබීය යුතු වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *