23න් හැවිරිදි තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට ලැබුණු දඬුවම

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23න් හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා, ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් යළි තරයේ ප්‍රතික්ෂේප කළ මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනෙවිය සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් මැයි මස 8 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව තබන ලෙසට ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (24) මැදවච්චිය අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී

මේ අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පළමු සාක්ෂිකරු වන දිලීෂ සංගීත් සහ දෙවැනි සාක්ෂිකරු වන මලීෂ පියසිරි යන දෙදෙනා විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පහසුවෙන් හඳුනාගනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *