28 කට මරු කැඳවූ ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයට ප්‍රමිති සහතික නොමැති බවට හෙළිවෙයි

ගිනිගැනීමට ලක්වූ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානය, ගිනි ආරක්ෂණ ඇතුලු අදාළ ප්‍රමිති සහතික ලබානොගෙන පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම ගින්නෙන් දරුවන් 9 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 28 දෙනෙකු මියගියා.

විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් මත මෙම ගින්න හටගන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

මෙම ගින්න හටගන්නා අවස්ථාවේ තරුණයින් සහ දරුවන් විශාල පිරිසක් එම මධ්‍යස්ථානය තුළ සිට ඇති අතර, සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *