කාලගුණයෙන් තද සුළං සම්බන්ධව අනතුරු ඇඟවීමක්.

දිවයිනට බලපා ඇති නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වල මෙම සුළං තත්ත්වයන් ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 776

Leave A Reply

Your email address will not be published. Required fields are marked *