වියට්නාමයේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වී 34 මරුට තවත් පිරිසක් අතුරුදහන්

වියට්නාමයේ හැලොන්ග් බොක්කේදී සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් 34 දෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු අතුරුදහන් විය.
දකුණු චීන මුහුදට බලපෑ වයිෆා කුණාටුව හේතුවෙන් මෙම අනතුර සිදුවිය. අතුරුදහන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම් දිගටම පවතී. දිවි ගලවා ගත් අය සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ගලවා ගැනීමේ කණ්ඩායම් අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර, ළමුන්අ ට දෙනෙකු ඇතුළු මළ සිරුරු 27 ක් සොයා ගෙන ඇත.

වොන්ඩර් සීස් ලෙස හැඳින්වෙන මෙම බෝට්ටුවේ පුද්ගලයින් 53 දෙනෙකු සිටි බව වියට්නාම දේශසීමා ආරක්ෂකයින් සහ නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 402

Leave A Reply

Your email address will not be published. Required fields are marked *