4ක් බිලිගත් මාරක අනතුරු 4ක්

ගෙවුණු පැය 24ට ප්‍රදේශ කිහිපයකදී සිදුවු රිය අනතුරුවලින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොතුහැර, කුඩාඔය, වාරියපොල සහ මුන්දලම යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වූ බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ – කුරුණෑගල මාර්ගයේ කඳුරුකුඹුර ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටී අනතුර සිදුවුණා.

වාරියපොල – පුත්තලම මාර්ගයේ බඹරගම්මන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ලංගම බස් රථයේ පාපුවරුවේ ගමන් කල පුද්ගලයෙකු මිය ගිය බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර හලාවත – පුත්තලම මාර්ගයේ බත්තළුඔය ප්‍රදේශයේදී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරෙන් පසුව මෝටර් රථය පලා ගොස් තිබෙනබවත් එය සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *