ගැබ්බර මුවදෙන ඝාතනය කළ 4 ක් රිමාන්ඩ්.

ඊයේ(25)දිනයේ දී ගලේ වෙල හීනු ගල රක්‍ෂිතයේ සිටී ගැබ්බර මුව දෙනෙකු මස් පිනිස මැරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ලබන මස පලමු වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ සැකකරුවන් අද (26) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය විසින් නියෝග කරන ලදී.
මුවදෙන ඝාතනයට යොදා ගත් ගිනිඅවි 03ක් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී පියවර ගෙන තිබුණි.පොලිස් නිලධාරීන් දෙදෙනා ගැබ්බර මුවදෙන ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාව මත හා සිවිල් පුද්ගලයින් දෙදෙනා මුවදෙනක ඝාතනය කිරීම, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු ගොනු කර ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

1 of 772

Leave A Reply

Your email address will not be published. Required fields are marked *