50Kg පොහොර මිටිය රු. 5000ට ලබා දෙන

ගොවියාවට අවශ්‍ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් කෘෂිරසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙදුන්ගෙන් මේ මිල වැඩි වීමේ ක්‍රමවේදය මුදා ගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබා දෙන බවත් පොහොර බෙදා දීමේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගෙන විනිවිදභාවයෙන් යුක්තව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

QR Code කේන්ද්‍ර කර ගෙන ගොවියාට, ධිවරයාට, ත්‍රීරෝදරථ රියදුරන්ට, පාසල් ප්‍රවාහන සේවාවලට සහ වී මෝල් හිමියන්ට ඉන්දන සහනාධාරයක් දෙන බවත් පාස්කු ප්‍රහාරය, කොරෝනා ව්‍යසනය, කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව නිසා ගොවි ජනතාව විපතට පත්ව ඇති බවත් තමන්ගේ සීමාසහිත මුදල් උපයෝගී කර ගෙන කණකර උකස් කර ගොවිතැනේ නියැලෙන ජනතාවට පසුගිය කාලයේ පහර පිට පහර එල්ල වී අසීමිට පීඩනයක් පැටවූ බවත් මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් 3 දෙන්න බැරි වූ මේ ජනතාව වෙනුවෙන් වගා ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම ගොවියාගේ නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙන බවත් වංචනික ලෙස ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරනයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම වී ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (25) පොළොන්නරුව හිගුරක්ගොඩ නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

ඇප නැතිව රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණන් ණය ලබා ගත් සමහර ධනවතුන් බලයේ සිටින අය සමඟ ගජමිතුරු සම්බන්ධතා ඇති නිසා එම ණය කපා හැරියත් ගොවියාගේ ණය කපා හරින්න රජයට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ රටට බත සපයන ගොවි ජනතාවට කෘතගුණ සලකනු වස් මේ ණය කපා හරින බවත් ගොවියා රකින පොඩි මිනිසාගේ ජනාධිපතිවරයා ලෙස එම යුතුකම ඉටු කරන බවත් රටට බත සපයන ගොවියා වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාරම්පරික ගොවි බිම් නැවත ගොවි ජනතාවට

දිස්ත්‍රික්ක ගණනාවක පාරම්පරික ගොවිබිම් අහිමි වූ බවත් මායිම්ගල් දමා දශක ගණනාවක් වගා කටයුතු කළ ඉඩම් අහිමි වුවත් ඒවා නැවත ලබා දෙන බවත් මේ රටේ පරිසර සම්පත වනජීවී සම්පත වෙනුවෙන් ද ඉහළ ප්‍රමුඛස්ථානයක් ලබා දෙන බවත් ප්‍රජා කේන්ද්‍රීය ජනතා කේන්ද්‍රීය වනජීවී සම්පතක් කරා යොමුවන බවත් ගොවිබිම් ආරක්ෂා කරමින් වගාහානියට වගා පාලුවට විධිමත් රක්ෂණ ක්‍රමයක් ඇති කර වනඅලි මිනිස් ගැටුම අවම කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අනික් නායකයෝ කයිය ගහන විට තමා රටට වැඩක් කළා

රටේ මේ වන විට ඉන්නේ වැඩබැරි නායකයෝ සහ කයිය නායකයෝ වුවත් සමගි ජන බලවේගය 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රුපියල් බිලියනයක වැඩ කර නව ජන වරමක් වෙනුවෙන් පැමිණ ඇති බවත් කයිය නායකයෝ රට වටේ කයිය ගගහ ගියාට තමා වැඩ කරමින් යන බවත් රටේ ප්‍රශ්න කයිවාරුවෙන් සෝබනවලින් විසදිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *