78 හැවිරිදි පුද්ගලයෙකු පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

78 හැවිරිදි පුද්ගලයෙකු පුපුරණ ද්‍රව්‍ය සමඟ රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ලද තොරතුරකට අනුව උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එම වැටලීමේදී කෝඩයිට් කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක්, ඇමෝනියෝ කිලෝ ග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක්, වොටර් ජෙල් කුරූ 15ක්, ඩෙටනේටර් 28ක්, සහ සේවා නූල් අඩි 22ක් සොයාගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *