කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය ට සමගාමීව කඩොලාන පරිසර පද්දති 08ක් රක්ෂිත කිරීමේ වැඩසටහනක්

“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පාලවිය, කරබ පරිශ්‍රයේ දී පැවැත්විණ.
මේ වැඩසටහන ඔස්සේ ලංකාවේ පවතින විවිධ කඩොලාන පරිසර පද්දති ආශ්‍රිත ප්‍රදේශ තෝරාගනිමින් රක්ෂිත කර ආරක්ෂා කරනු ලබයි.
ප්‍රථම අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරිණි.
ආනවිලුන්දාව රැම්සාර් පරිශ්‍රයේ හායනය වී ඇති කඩොලාන යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමද වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිත වන අතර කඩොලාන කඩිනම් ස්වාභාවික පුනර්ජනනය ව්‍යාපෘතියට සමගාමිව වැඩසටහන් කිහිපයක් ද පැවැත්විණි.

What's your reaction?

Related Posts

1 of 772

Leave A Reply

Your email address will not be published. Required fields are marked *