අද (18) උදෑසන කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක වන අලියෙකු ගැටී ඇත.
ගල්ලෑල්ල සුදුනෙළුම් ප්‍රදේශයේදී අලුයම 5:30 ට පමණ සිදු වූ මෙම අනතුරින් අලියා මිය ගියේය
ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රදේශයේ විගබඩාවලට අලාබහානිකර වී ආහාරයට ගැනීම ගැනීම පුරුද්දක් ලෙස මෙම වන අලියා සිදු කරන බවත් අද අලුයම 3:00 සිට ගමේ සැරිසරන බවත් ප්‍රදේශවාසියෙකු පැවසීය.
වන අලියා ගමට පැමිණි විට වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමට ගම්වැසියන් පියවර ගෙන තිබුණද, නිලධාරීන් ඔවුන්ගේ දුරකථන විසන්ධි කළ බවට ද ඔවුහු චෝදනා කරති.
වන අලියා නිතිපතා ගමට පැමිණෙන බවත් වනජීවී දෙපාර්තමේන්තුව සුදුසු පියවර ගෙන තිබුණේ නම් මෙම ඛේදවාචකය සිදු නොවන බවත් ගම්වැසියන් පෙන්වා දෙති