AKD ට ස්වීඩනයේ දී උණුසුම් පිළිගැනීමක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්වීඩනය බලා පසුගිය 25 වනදා රාත්‍රියේ පිටත්ව ගියා.

ස්වීඩනයට ගිය අනුර කුමාර දිසානායකට ස්ටොක්හෝම් ගුවන් තොටුපොළේ දී උණුසුම් පිළිගැනීමක් හිමි වූ බවයි වාර්තා වුණේ.

එහිදී ස්වීඩනයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඔහුව පිලි ගැනීම වෙනුවෙන් ස්ටොක්හෝම් ගුවන් තොටුපොළට එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

එරට පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම සංචාරයේ නිරත වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *