AKD කැනඩාවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාව බලා පිටත්ව ගියේය.

එහි අනුර කුමාර මහතා කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ජනහමු කිහිපයකට සහභාගි වීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න මේ මස 23 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට ටොරොන්ටෝ අගනුවරදී ද, දෙවැන්න මේ මස 24 වැනි ඉරිදා පස්වරු 2.30 ට වැන්කුවර් නගරයේදී ද පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකට ද අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *