අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ ආදාහන අද එනම් (24) දින සිදුකිරීමට නියමිතව තිබේ.
අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී අද එම කටයුතු සිදුකිරීමට නියමිතය.
පසුගිය 21 වන දින පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමියන් අපවත් විය.
මේ වන විට මහජන ගෞරවය සඳහා උන්වහන්සේගේ දේහය අස්ගිරි මහා විහාරයේ අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබේ.