ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් ගුරෙක් අත්අඩංගුවට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ. 2023 අධ්‍යයන පොදු

මහ මැතිවරණයට දින නියම වෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා

යහපාලන සමයේ ගොනුකළ අල්ලස් නඩුවට සාක්ෂි දීමට විජිත හේරත්ට දිනදෙයි

පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට නොවැම්බර් 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු

පාර්ලිමේන්තු ඡන්දයට සජබ අගමැති අපේක්ෂකයා සජිත්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.