උතුරු නැගෙනහිර ජනතාවට සජිත්ගෙන් සහ‍තිකයක්

උතුරු නැගෙනහිර ජනතාවට අහිමි වූ සංවර්ධනයේ ප්‍රතිලාභ සමගි රජයක් යටතේ ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මනිපායි ප්‍රදේශයේ අද (15) පැවති ජන රැලිය අමතමින්.

අඹන්පොල ශිෂ්‍යත්ව මධ්‍යස්ථානයක විවේක කාලය ගැන ගැටලුවක්

අද (15) පෙරවරුවේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ අතර අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළදී නිකුත් කිරීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා

බීමතින් ගොස් ඇමති රථයේ ගැටුණු පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

මත්පැන් පානය කර තම නිල රථය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම කොට්ඨාසයේ අංක 2 සහකාර පොලිස් අධිකාරීවරයාවයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඊයේ රාත්‍රීයේ පුත්තලම -

පැරණි දේශපාලන ක්‍රමවේදය අවසන් කරන බව අනුර කියයි

වතුකරයේ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමේ පැරණි දේශපාලන ක්‍රමවේදය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. තලවකැළේ පැවැති ජන රැලියකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

දෙහිවලදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට

දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරිඳු ලක්ෂාන් නැමැත්තා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා. මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. පොලිසිය