කෝටි 07ක ‘අම්බර්’ තොගයක් අත්අඩංගුවට

තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි රුපියල් කෝටි 07ක් පමණ වටිනා 'අම්බර්' කිලෝ 14ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අද (11) අළුයම තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසෙයි.

බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. බදුල්ල රෝහලේ පවතින ගැටලු

කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොල පත් කෙරේ

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ

තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා අද සහ හෙට අවස්ථාව

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) දින සහ හෙට (12) දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 04 වනදා දින සිට 06 වනදා දක්වා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය

20ක් රෝහල් ගත කළ දුම්මලදෙණියේ අනතුර හේතුවෙන් කොළඹ

වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද (11) අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. අනතුරින් හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව