ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසන්නේ විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලිඛිත ප්‍රකාශයක් ලබා දීම සඳහා රජයට ලබා දී තිබූ දින පහක කාල සීමාව ඉකුත් වී ඇති බවයි.
සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව අද දින(28) තම සංගමයේ සිටිනා සියළු වෘත්තීය සමිති සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

























