CIDය ඩයනාගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඩයනා ගමගේ විසින් පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ දහවල් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *