CID නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කෝටියක අල්ලස් ගත් හතරදෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගත් සිද්ධියට කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු හතරදෙනා ලබන මැයි 14 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින්.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම නිවසේ සේවය කරන ඉන්දියන් ජාතිකයාගේ විදෙස් ගමන් බලපත්‍රයද රැගෙන ගොස් පසුව පැමිණිලිකරුගේ දුරකථනයට ඇමතුමක් ලබා දී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට කෝටි 04ක් අල්ලස් වශයෙන් ඉල්ලා අදාළ මුදල කෝටි තුන හමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක් වශයෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *