CPSTL ආයතනයේ නව සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සේවක හමුවක්

CPSTL ආයතනයේ නව සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2024-09-30) දින කොලොන්නාව නිමා පරිශ්‍රයේදී සේවක හමුවක් පැවතිණි.

කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සියලු සේවක මහත්ම මහත්මීන් හට ස්තූතිවන්ත වන බව සභාපතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී. එසේම සියලු සේවක සේවිකාවන් එකාවන්ව එකමුතු වී රටේත් ආයතනයේත් අභිවෘද්ධිය තකා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා, අධ්‍යක්ෂක හේමන්ත කුමාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, කළමනාකාරවරුන්, වෘත්තීය සමිති නිලධාරීන් ඇතුළු විශාල සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *