බන්දනාගාර ගතව සිටි සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (15) නියෝග කළාය.
ඇයව නිදහස් කරණ ලද්දේ රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත ය.
සැකකාරියට ඇප ලබා දුන් මහේස්ත්‍රාත්වරයා ඇයට විදේශගත වීම තහනම් කිරීමට පියවර ගත්තේය.
ඊට අමතරව, වෛද්‍යවරයාට ශ්‍රී ජයර්ධනපුර රෝහල් පරිශ්‍රයට ඇතුළු නොවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාරිය වන වෛද්‍ය මහේෂි විජේරත්න, තෙවන පාර්ශවයක් හරහා අධික මිලකට ශල්‍ය උපකරණ අලෙවි කළ බවට චෝදනා ලැබ ජුනි 17 වන දින සිට අත්අඩංගුවේ පසුවිය.