හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ඊයේ රාත්‍රියේ කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
හිටපු නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු වෙනම සිරමැදිරියක රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබෙනවා.
විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
හිටපු නාවික හමුදාපති කෑගල්ල බන්ධනාගාරයට
























