කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ගාතනය ගාතනය යට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට.

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, තරුණයින් පැහැර ගැනීමට යොදා ගත් ජීප් රථය ද සොයා ගත් බවත් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය පවසයි.

සැකකරුවන් සමඟ එදින තරුණයින් පැහැර ගැනීමට යොදා ගත් ජීප් රථය, මෝටර් රථයක්, යතුරුපැදි තුනක්, බලපත්‍ර තහඩු දෙකක්, හෙරොයින් ග්‍රෑම් 197 ක් සහ අයිස් ග්‍රෑම් 96 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 841

Leave A Reply

Your email address will not be published. Required fields are marked *