Google ගහලා අනුර හොයන විස්තර

තමන් විදෙස් රටකට ගොස් හමුවන විදෙස් නියෝජිතයින්ගේ ඉතිහාසය සොයා ගන්නේ Google හරහා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තමා හමුවන පුද්ගලයා කැමති දේවල්, ඔහු ජනප්‍රිය මොනවාටද, අධ්‍යාපන තත්ත්වය පිළිබඳ විස්තර සොයාගැනීම සිදුකරන්නේ Google හරහා බවද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ මහරගම ප්‍රදේශයේ පැවැති හමුවකදීයී.

ජාතික ජන බලවේගයේ විද්වත් ව්‍යාපාරික හමුව මහරගමදී අද (11) පස්වරුවේ පැවැත්වුණේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ගෝඨාභය, මහින්දලා මෙන් රවට්ටන්න, අන්දන්න හදන්න එපා යැයි එම උත්සවයට එක්ව සිටි මහින්ද සමරසිංහ නම් ව්‍යාපාරිකයෙකු අනුර කුමාර සභාවේ සිටියදීම පවසා සිටියා.

කප්පම් චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් අමාත්‍ය ධුර හොබවන ලංකාව වැනි රටවලට ආයෝජකයින් නොපැමිණෙන බවද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *