IMF එක අපි හොඳයි කිව්වා

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබදව සහ එහි ක්‍රියාකාරීත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමූරා විසින් පැසසුමට ලක් කර තිබෙනවා.

ඒ එම අරමුදලේ වසර මැද සුමුලුවට සහභාගී වීම සදහා වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ පැවති සාකච්ඡාවේදීයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව සදහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.

එහිදී මාර්තු මාසය එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසු මූල්‍ය අරමුදලේ දෙවන සාමාලෝචනය අවසන් කිරීම පිළිබදව සාකච්ඡා කෙරුණා.

එමෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සදහා වන විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සමගද සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම සහය ලබා දෙන බවට ඔහු ප්‍රකාශ කළ බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

මෙරට ආර්ථිකයේ වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබදව ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමග සාකච්ඡාවකටද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එක් වුණා.

එහිදී ආයෝජකයන් සදහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබදව මෙන්ම අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනනීය බල ශක්තිය, කෘෂිකර්මය සහ තාක්ෂණය ඇතුලු ක්ෂේත්‍රවල උපාය මාර්ගික ආයෝජන මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි ක්‍රම පිළිබද ද සාකච්ඡා කර ඇති බව සදහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *