“IMF විඩියෝ සාකච්ඡාවට සජිත්, අනුර එකතු කර ගන්නවා”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් ද එක්කාසු කරගෙන ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (25) දින එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින්.

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන්ට එහිදී රටේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලට කරුණු කීමට අවස්ථාවක් ලැබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම අනතුරුව එම වීඩියෝ සාකච්ඡාව මුළු රටටම ප්‍රසිද්ධ කළ යුතු බව ඔහු කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *