“IMF එකඟතා කඩකළහොත් නැවත රට ආපස්සට යනවා”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බැවින් එම සියලු එකඟතාවන් නීතිගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “උරුමය” වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් උත්සවය අමතමින්.

“උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැල්ල, වැන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානය වෙත පැමිණියා.

අනතුරුව ජනාධිපතිවරයා උත්සවයට එක්වූ අතර සින්නක්කර ඉඩම් ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවුණා.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් 800ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීම ද සිදුවුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *