IMF සමඟ කඩිනමින් සාකච්ඡා සිදුකරන බව ජනපති අනුර කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කෙරෙන අතර, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධ කරුණු ඉදිරියට ගෙන යාමට අදහස් කරන බව අභිනව ජනපති අනුර දිසානායක පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු අද (25) සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අදාළ ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය සහන ලබා ගැනීම සඳහා අදාළ කරුණු කඩිනමින් අවසන් කරන බවයි.

එමෙන්ම, සියලුම ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමකට ඔසවා තැබිය යුතු බවටද තරයේ විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *