IMF එකඟතා ලැබූ වහාම බදු ගෙවන ජනතාවට සහන ලබාදීමට ක්‍රියාකරනවා

බදු ගෙවන ජනතාවට සහන ලබාදීම සඳහා වූ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බවත් , ඒ අනුව ඔවුන්ගේ එකඟතා ලැබූ වහාම ජනතාවට බදු සහන ලබාදීමට ක්‍රියා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආච්ර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාතයවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය දෙවසර තුළ ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව විවිධ කැපකිරීම් සිදුකළ අතර හැකි පළමු අවස්ථාවේදීම එම ජනතාවට සහනයන් ලබාදීම රජය දැඩි අවධානයෙන් සිටින බවයි.
සමාජයේ ඇති පීඩනය සහ අමාරුකම් පිලිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා හොඳින් තේරුම්ගෙන සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන්ට ලබාදිය හැකි සහන මොනවාද යන්න පිලිබඳව සෑම මිනිත්තුවකම කල්පනා කරන බවත් , රට වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කරගෙන බදු ගෙවන්නන්ට සහ ජනතාවට හැකි පළමු අවස්ථාවේම සහන ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *