IMF එකත් සමග සාකච්ඡා කර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බදු අඩු කරන්න නොහැකි වුවත් අපිට පුළුවන් – සජිත් ප්‍රේමදාස මහතා

එළැඹෙන මහමැතිවරණයේ දී සමගි ජන බලවේගයට නියත ජයක් ලැබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තමා බලයට පත් වූ පසු බදු සූත්‍රය වෙනස් කර වැට්, උපයන විට බද්ද, සෘජු හා වක්‍ර බදු අඩු කරනවා කිව්වත් ජනාධිපතිවරයා වී අයි එම් එෆ් එක සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් එම බදු අඩු කරන්න එකඟ නොවන බවට අයි එම් එෆ් කියා ඇති බවත් මැතිවරණයේ දී බදු අඩු කරනවා යැයි කිව්වත් බලයට ලැබුණු පසු එය කළ නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදටත් ජනාධිපතිවරයාට බදු අඩු කරන්න නොහැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණට එහෙම වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටින විට අවස්ථා ගණනාවකදී අයි එම් එෆ් නියෝජිතයන් හමුවී ඇති කර ගත් සාකච්ඡා තුළ රටේ ජනතාව ජනවරම ලබා දුන් පසු අයි එම් එෆ් රාමුව මත සිට බදු සූත්‍ර වෙනස් කළ යුතු වන බව පැවසූ බවත් ඒ අවස්ථාවේ අයි එම් එෆ් එක එයට එකඟ වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බැරි දේ සමගි ජන බලවේගයට කළ හැකි බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හෝමාගම දී ජනහමුවක් අමතමිනි.

තවත් වසර 4කින් එනම් 2028 දී නැවත ණය ගෙවීමට සිදුවන බවත් එවැනි ගිවිසුමකට පසුගිය රජය එළැඹ ඇති බවත් අයි එම් එෆ් එක 2033 ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 2028 සිට ණය ගෙවන්න ගිවිසුම් ගත වී ඇති බවත් එම නිසා 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය සිදු කළ හැකි රටක් ලෙස අප රටේ ආර්ථික වර්ධන වේගය තවමත් වේගවත් වී නොමැති බවත් අදටත් මේ මොහොතේ පවා රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටෙන බවත් සමගි ජන බලවේගයේ ඉල්ලීම මත දෙසැම්බර් 15 වන තෙක් පරාටේ නීතිය පවා තාවකාලිකව අත්හිටු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මේ ජාතික ආරක්ෂක ගැටලුවෙන් අපේ රටේ සංචාරක කර්මාන්තයට නම් හානි වෙන්න එපා

මේ වන විට නිර්මාණය වී ඇති ජාතික ආර්ථික ගැටලුව තුළ සංචාරක කර්මාන්තයට ඇතිවිය හැකි බලපෑම හිතාගත නොහැකි බවත් කවුරු ජනාධිපති වුවත් මේ රටට හානියක් නොවිය යුතු බවට තමා ප්‍රාර්ථනා කරන බවත් තමා කුහක දේශපාලනය අනුගමනය නොකරන අයකු ලෙස එය ප්‍රාර්ථනා කරන බවත් පාස්කු ප්‍රහාරයෙන් කොරෝනා කෝවිඩ් හා බංකොලොත්භාවයෙන් බැට කෑ රටක් ලෙස මෙම ජාතික ආරක්ෂක ගැටලුවෙන් බලපෑමක් වුවහොත් රට තවත් බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අපට තව රාජ්‍යතාන්ත්‍රික සබදතා අවශ්‍යයි

මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ නැවතත් අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කර 2033 සිට නැවත ණය ගෙවන්න එකග විය යුතු බවත් අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කළ යුතු වුවත් මේ මාලිමා රජයට සහ ජනාධිපතිවරයාට එය කළ නොහැකි බවත් බදු අඩු කරන්න බැරි ජනාධිපතිවරයාට අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර ගන්න බැරි බවත් ණය ගෙවීමේ කාලය වැඩි කර ගන්න බැරි බවත් ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබදතාවක් අවශ්‍ය බවත් ලෝකයා සමග ගනුදෙනු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

බ්‍රිට්ස් ජාත්‍යන්තර නායකයන්ගේ සමුළුවට, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට යාම වත්මන් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු කරන්නේ වරුද්දක් බවත් මේ බලවත් රටවල නායකයන් සමග රාජ්‍ය තාන්ත්‍රිකව ජයග්‍රහණ ලබා ගත යුතු බවත් කෙසේ හෝ අයි එම් එෆ් ගිවිසුම වෙනස් කළ යුතු බවත් මේ රට ගොඩනැගෙන්න වේගවත් ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය බවත් එවිට ජාතික නිෂ්පාදනය වැඩිවන බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

ආයෝජනය පාරිභෝජනය ඉතිරිය නිෂ්පාදනය, නිපදවීම හා අපනයනය රටක ආර්ථිකයට වැදගත් බවත් රටක් ලෙස මේ ක්ෂේත්‍රවලින් ඉදිරි ගමනක් යාමට සූදානම් විය යුතු බවත් මේ දර්ශනය ක්‍රියාත්මක කිරීමේ හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ ආණ්ඩුවට පොල් පෝලිමවත් නතර කරන්න බැහැ

පොල්ගෙඩි පෝලිම නතර කරන්න බැරි බඩු මිල අඩු කරන්න බැරි ආණ්ඩුවට අයි එම් එෆ් එකත් සමඟ සාර්ථක ගනුදෙනුවකට යා නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා පවා ලක්ෂ 220ක් ජනතාවට විශාල හානියක් කළ නිසා තවදුරටත් මෙසේ යා නොහැකි නිසා එකට එක්ව රටක් ලෙස ඉදිරියට යාමට සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

NEWS CLIP ☎ https://youtu.be/Hby02S-DhVI?si=oVf_lAHNKvsj2KZM

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *