IPL තරගාවලිය මැද මතීෂ පතිරණ යළි ශ්‍රී ලංකාවට

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නා.

මතීෂ පතිරණ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටින අතර, ඒ සඳහා ඔහුට ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි චෙන්නායි කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මේ වනවිට ධර්මශාලා හිදී පැවැත්වෙන තරගය සඳහා ද මතීෂ පතිරණ එක්ව නැහැ.

මතීෂ 2024 අයි.පී.එල් තරඟාවලියේ මේ දක්වා තරඟ හයකට ක්‍රීඩා කරමින් කඩුලු 13ක් දවාගෙන සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *