ITC රත්නදීප ගැන ජනපති කියූ කතාව

මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අද ගාලූමුවදොරදී විවෘත වූ ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස සංකීර්ණය වඩාත් ඉවහල් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අදාළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නැවත අරගල සිදු කරමින් රට තුළ අස්ථාවරභාවයක් ඇති නොකළ යුතු බවයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ, ITC රත්නදීප ආයතනයේ සභාපති සංජිව් පුරි ඇතුලූ පිරිසක් එක්ව සිටියා.

මීටර් 224ක සහ මීටර 140ක උසකින් සමන්විත ගොඩනැගිලි දෙකක් යා කරමින් ඉදිකර ඇති දකුණු ආසියාවේ විශාලතම අහස් පාළමකින් මෙම ගොඩනැගිලි සංකීර්ණය සමන්විතයි.

ඩොලර් මිලියන 300 ක වියදමකින් එම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියාවේ ෂඔක්‍ සමාගමේ ආයෝජනයක් ලෙසයි.

එම ගොඩනැගිල්ලට යාබදව පිහිටි මීටර 140ක උසකින් සමන්විත ITC රත්නදීප හෝටල් සංකීර්ණය අධි සුඛොපබෝගී කාමර 352කින් සමන්විත වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *