Jaffna Kings කණ්ඩායම LPL ශූරයින් බවට පත්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුළු 09කින් Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින්.

කොළඹ, ආර්. ප්‍රේමදාස පිටියේදී Galle Marvels කණ්ඩායම සමග අද (21) ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Marvels කණ්ඩායම ලකුණු 184ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ කාසියේ වාසිය හිමිකරගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කිරීම හේතුවෙන්

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වුණා.

Bhanuka Rajapaksa ලකුණු 82ක්ද, Tim Seifert ලකුණු 47ක්ද, Sahan Arachchige ලකුණු 16ක්ද, නායක Niroshan Dickwella ලකුණු 05ක්ද, Dwaine Pretorius නොදැවී ලකුණු 12ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Asitha Fernando කඩුළු ත්‍රිත්ත්වයක්ද, Jason Behrendorff කඩුළු 02ක්ද, Azmatullah Omarzai එක් කඩුල්ලක්ද බිඳ හෙලනු ලැබුවා.

අනතුරුව ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Jaffna Kings කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 185ක් ලබා ගනිමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් බවට බවට පත් වුණේ සිව් වැනි වරටයි.

මින් පෙර 2020,2021 සහ 2022 වසරවලදී එහි ශුරතාව ජයග්‍රහණය කිරීමටද Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Jaffna Kings කණ්ඩායමේ Rilee Rossouw නොදැවී ලකුණු 106ක් වාර්තා කළ අතර, ඔහුට අනගි සහායක් ලබාදෙමින් කුසල් මෙන්ඩිස්ද නොදැවී ලකුණු 72ක් රැස් කිරීමට සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු කිසිවක් නොලබා දැවී ගිය අතර, එම කඩුල්ල Galle Marvels කණ්ඩායමේ Dwaine Pretorius විසින් ලබා ගත්තා.

මේ අතර, මෙම තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන්ගෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිරීගොස් තිබූ අතර, ක්‍රීඩාලෝලීන් 27,180ක් තරගය නැරඹීමට සඳහා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *