JVP කුවේට් ප්‍රසංගයක 24 දෙනෙකු එරට බලධාරීන් අත්අඩංගුවට ගනී

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ‘එතෙර අපි සංවිධාන’ විසින් ඊයේ (02) පවත්වන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ප්‍රසංගයට සහභාගී වූ සංවිධායකයින්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ඒ පිළිබඳව තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *