K-Pop ගායන ශිල්පිනී Park Boram ජීවිතක්ෂයට පත්වෙයි

දකුණු කොරියාවේ ප්‍රබල K-Pop ගායිකාවක සහ ගීත රචකාවියක් වන Park Boram ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 30ක්.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ ඇගේ මරණයට හේතුව සියදිවි නසාගැනීමක් බවයි.

පළමු වරට වයස අවුරුදු 17දී K-Pop ක්ෂේත්‍රයට පිවිසි Park Boram මේ වසර අවසානයේ ගීත දෙකක් නිකුත් කිරීමටද සූදානමින් සිටි බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *