KDU උපාධිපදාන උත්සවය

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන කළමනාකරණය, ඉංජිනේරු, තාක්‍ෂණ විද්‍යා, වාණිජ සහ කලා ඇතුළු විවිධ අධ්‍යයන විෂයයන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව නිමකරන ලද උපාධි අපේක්‍ෂකයින් 1728 දෙනෙකු සඳහාවු උපාධි ප්‍රදානෝත්සවයේ සමාප්ති උත්සවය අද පස්වරුවේ BMICH හීදී පැවැත්වුණා.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවති අතර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ජෙනරල් එස්.එච්.එස් කෝට්ටේගොඩ මහතා (විශ්‍රාමික), ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්,වැඩ බලන පොලිස්පතිතුමා සහ ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

උත්සවයේදී උපාධි අපේක්‍ෂකයින් සඳහා ‘දර්ශනපති’, ‘ශ්‍රාස්ත්‍රපති’ සහ ‘ශ්‍රාස්ත්‍රවේදී’ යන උපාධි පිරිනැමිණි.

විශිෂ්ඨ දක්ෂතා දැක්වූ උපාධි අපේක්ෂකයන් සඳහා සම්මාන සහ පදක්කම් ප්‍රධානය ආරක්ෂක ලේකම්තුමා අතින් සිදුකෙරුණා.

ඉංග්‍රීසි භාෂාවෙන් සභාව ඇමතූ ආරක්ෂක ලේකම්තුමා සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් උපාධි ලබන සියලු උපාධිධාරින්ගේ සේවය රටේ ජාතික ආරක්ෂාවටත්,මහජනතාව වෙනුවෙනුත් ඉතා වටිනා සම්පතක් වනු ඇති බවයි

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *