KIU සිසුන්ගේ පොළි රහිත ණය පහසුකම තවම ලැබී නෑ. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

KIU සිසුන්ගේ පොළි රහිත ණය පහසුකම තවම ලැබී නෑ. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේ දී KIU විශ්වවිද්‍යාලයේ සිසුන්ට රජයේ පොලී රහිත ණය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වීම පමා වී ඇති බවට තමා දැනුවත් කළ බවත් ඒ අවස්ථාවල දී අධ්‍යාපන ඇමතිවරයා පවා එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකුවට සහ මහජන බැංකුවට නියෝග ලබා දුන්නත් එම බැංකු එම නියෝග නොතකා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධ්‍යාපන ඇමතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලය පවා මේ සම්බන්ධයෙන් ලබා දෙන නියෝග අදාළ බැංකුවල ප්‍රධානීන් තැකීමකට ලක් කර නොමැති බවත් ඔවුන් රජය කියන දේ අහන්නේ නැතිනම් අදාළ තනතුරුවලින් ඉවත් කරන ලෙසත් මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *