මෝටර් රථ සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (17) නව මාර්ගෝපදේශ නිකුත් කළේය.
2018 පෙබරවාරි 08 වන දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ 2025 ජූලි 17 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව, 2018 මාර්ගෝපදේශවල සඳහන් කර ඇති පරිදි විදුලි, දෙමුහුන් සහ වෙනත් බලශක්ති ප්‍රභවයන්ට අනුව කරන ලද වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශවලින් ඉවත් කර ඇත.
ඒ අනුව, 2018 මාර්ගෝපදේශවලට අනුව, විදුලි කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමෙන් 90% දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව වාණිජ වාහන සඳහා 80% දක්වාත්, මෝටර් රථ, SUV රථ සහ වෑන් සඳහා 60% දක්වාත්, ත්‍රිරෝද රථ සඳහා 50% දක්වාත්, අනෙකුත් වාහන සඳහා 70% දක්වාත් අඩු කර ඇත.
ඒ හා සමානව, විදුලි නොවන වාණිජ වාහන සඳහා මෙතෙක් ලබා ගත හැකිව තිබූ 90% ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 80% දක්වා අඩු කර ඇති අතර, විදුලි නොවන මෝටර් රථ, SUV රථ සහ වෑන් රථ සඳහා ලබා ගත හැකිව තිබූ 50% ක ණය සීමාව 60% දක්වා වැඩි කර ඇත. එසේම, විදුලි නොවන ත්‍රිරෝද රථ සඳහා කලින් පමණක් ලබා ගත හැකිව තිබූ වටිනාකමින් 25% දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවකාශය අද සිට 50% දක්වා පුළුල් කර ඇත.