Lyca හිමිකරු දේශපාලනයට එයිද?

උතුරු පළාත සමග සමීප සම්බන්ධතා ඇති, ලයිකා (LYCA) ජංගම දුරකථන ජාලයේ හිමිකරු අල්ලිරාජා සුබාස්කරන් ඉදිරි මහමැතිවරණයට පෙර උතුරේ සහ නැගෙනහිර කැබලි වී ඇති දෙමළ දේශපාලන පක්ෂ එකතු කර දැවැන්ත දෙමළ දේශපාලන සන්ධානයක් පිහිටුවීමට උත්සාහ කරමින් දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වන බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පසුගිය සෙනසුරාදා අල්ලිරාජා සුබාස්කරන් හමුවූ බවද වාර්තා සඳහන් කරයි.

මේ අතර ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (1) දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් හමුව ඇති බවද පැවැසේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් සියලුම දෙමළ දේශපාලන පක්ෂවලට දැනුවත් කිරීමක් සඳහා ආරාධනා කර තිබූ බව වාර්තා වේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), තමිල් මක්කල් කූටනි (TMK) සහ දෙමළ ජාතික මක්කල් කූටනි (TNMK) යන පක්ෂ මෙම සාකච්ඡාවට සහභාගීවී ඇතැයි දැනගන්නට ඇත.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම රැස්වීමේදී නව පාලනය සම්බන්ධ ගැටළු, දෙමළ ගැටළු සහ ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කළ බවත්, ඒ සියල්ල ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බවත්ය.

මෙම හමුව සිදුවූයේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පසුබිමකය.

“අපි කන්කසන්තුරේ වරාය, පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපළ සංවර්ධනය සහ අනෙකුත් කරුණු පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ කතාකළා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට කටයුතු කරන ලෙස නැවත අවධාරණය කර ඇති අපගේ ස්ථාවරය එහිදී අපි ප්‍රකාශ කළා ”ප්‍රේමචන්ද්‍රන් සඳහන් කර ඇත.

ලයිකා නව දේශපාලන පක්ෂය දෙමළ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී තරග කළ ආරියනේත්‍රන්ගේ පක්ෂයට සම්බන්ධ ‘හක්ගෙඩිය’ සළකුණින් හෝ ආනන්දසංගරීට අයත් තමිලර් විදුතලෙයි කූටනි (TVK) ලකුණ සමඟ ඉදිරියේදී කටයුතු කරනු ඇතැයිද, නව පක්ෂයට නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් තෝරාගනු ඇතැයිද අනාවැකි පළවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *