NVIDEA පෙරමුනටම

ලොව ප්‍රමුඛ පෙලේ AI Chips නිෂ්පාදකයෙකු වන එන්වීඩියා සිය වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3 දක්වා ඉහළ නංවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව පරිගනක චිප් නිෂ්පාදනයෙන් ලෝකයේ දෙවැනියා වූ සුප්‍රකට ඇපල් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ද එන්වීඩියා විසින් අභිභවා ඇති අතර දැන් එහි දෙවැනි ස්ථානය එන්වීඩියා දිනා තිබෙනවා.

මෙම විප්ලවීය වෙළෙඳපොළ ඩැහැ ගැනීමත් සමග එන්වීඩියා සමාගමේ කොටස් මිල 5%කින් වැඩි වූ අතර එහි ඒකකයක වටිනාමක දැක්වුණේ ඩොලර් 1,224ක් ලෙසයි.

කෘත්‍රිම බුද්ධියේ (AI) ආයෝජන රැල්ලකින් පසු මෙම එක්සත් ජනපද සමාගම, සිය ස්ථානය ඩැහැ ගෙන ඇති අතර එය ඉකුත් වසරේ සිට ආරම්භ වූ විශ්මයජනක නැගීමක් බවයි, වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ.

කෙසේ නමුත් ඩොලර් ට්‍රිලියන 3.15ක වෙළෙඳපොළ වටිනාකමක් සහිත මයික්‍රෝසොෆ්ට් සමාගම සිය ක්ෂේත්‍රයේ පළමු වැනියා ලෙස තවමත් රැඳි සිටින අතර Apple සමාගම ඩොලර් ට්‍රිලියන 2.99ක වෙළෙඳපොළ වටිනාකමක් සමග තුන්වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *